Featured News

Video Gossip

Advertisement

නිවසේ අයිතිය ලබා ගැනිම සඳහා හැත්තෑ දෙහැවිරිදි තම මවට පොල්ලකින් පහරදී තුවාල සිදු කොට ගෑස් කාන්දුකර පුළුස්සා දැමිමට තැත්කල පුතෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට ගිනිකුරුන්ද කන්දේ තිස් දෙහැවිරිදි පුද්ගලයෙකි.

පොලිස් පරික්ෂණවලදි අනාවරණයවී ඇත්තේ සැකකරු මෙම කාන්තාව කුඩාකල සිට හදා වඩාගෙන ඇති අතර පසුව පානදුර ප්‍රදේශයෙන් විවාහවී සිටින බවය. සැකකරු විශාල වශයෙන් ණයවී ඇති අතර එම ණය මුදල් ගෙවීම සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති බවත් මුදල්නැති බව පැවසීම නිසා නිවස සහ ඉඩම ලියා දෙන ලෙස ඉල්ලා ඇති බවත් මව එයට අකමැතිවි ඇති බවත් අනාවරණය වී තිබේ.

පසුව සැකකරු මවට පොල්ලකින් පහරදි දත් කඩා පහරදි ගිනිගෙන ඇති බව හැඟවීම සඳහා ගෑස් කාන්දුකර ගිනිතබා මරා දැමීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ ඇයගේ කෑගැසිමට අසල්වාසින් පැමිණ ඇය කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

අහංගම එන්.ජි.ලියනගේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements