Featured News

Video Gossip

Advertisement

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරගවැදීමට සූදානම් වන්නැයි තමා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කළ බව එජාප කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා ද සඳහන් කර තිබෙනවා.


තම ආරාධනය සලකා බලන බව සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා එහිදී ප්‍රකාශ කළ බවද අබේසිංහ මහතා සඳහන් කළා.

ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ගම් උදාව ව්‍යාපෘතිය යටතේ මුලින්ම ස්ථාපිත කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ‘උදාගම’ ව්‍යාපෘතිය බවත්, එම කාරණයද මීට බලපෑ බව මන්ත්‍රිවරයා පෙන්වා දෙනවා.

සියලු කරුණු කාරණ සලකා බලා සජිත් ප්‍රේමදාස මහතාට තම දිස්ත්‍රික්කයේ තරග වැදී ඉහළින්ම ජයග්‍රහණය කරවීමට අවශ්‍ය සියලු සහාය දෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ද ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට කුරුණෑගලින් තරග කිරීම සඳහා තමන් මන්ත්‍රී ආසනය වුවද පරිත්‍යාග කිරීමට සුදානම් බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements