Featured News

Video Gossip

Advertisement

මගියෙකුට පහර දී මාස තුනක් යෑමටත් මත්තෙන් තවත් ඌබර් (Uber) රියදුරෙකු විසින් තවත් මගියෙකුට පිහි පහරක් එල්ල කිරීමේ සිද්ධියක් වාර්තා වේ.

FaceBook හි සටහන් වන ආකාරයට පූජන වෙත්තසිංහ සහ ඔහුගේ මිතුරෙකු ඉකුත් ඉරුදින පාන්දරම මිරිහාන සිට කොළඹ 03 දක්වා යෑමට ඌබර් (Uber) රථයකට ගොඩ වී ඇති අතර එහිදී ගමන සඳහා මුදල් ලබා දීම මුදලින් නොව කාඩ් පතින් ලබා දෙන බව පැවසීමත් සමඟම මේ සිද්ධිය ඇති වී තිබේ.

මධ්‍යම රාත්‍රියේ සහ උදෑසනම කාඩ් මඟින් ගණුදෙණු නොකරන බව එම අවස්ථාවේදී පවසා ඇති රියදුරු මගින් දෙදෙනා අතරමඟ මාර්ගයක බස්සවා සිය වාහනය නවතාගෙන් සිට තිබේ.

මගීන් දෙදෙනා සිතා ඇත්තේ ඔවුන්ට යාමට තව වාහනයක් එනතුරු ඔහු බලා සිටින බවය. ඒ අතරතුර පූජනගේ මිතුරා ඌබර් (Uber) රථයේ ජායාරූපයක් ගැනීමත් සමඟ ඌබර් (Uber) රියදුරු වාහනයෙන් බැස පැමිණ තමන්ට පිහි පහරක් එල්ල කළ බව පූජන පවසයි. එහිදී සිය බඩ ප්‍රදේශයට පිහි පහර එල්ල කිරීමට රියදුරා උත්සාහ ගත් බවත් එම අවස්ථාවේ සිය මිතුරා තම අත තිබූ බෝතලයෙන් ඌබර් (Uber) රියදුරුට පහර දීම නිසා එය වැළකුණු බවද පූජන කියයි. 

ඉන්පසු ඌබර් (Uber) රියදුරු විසින් ඔවුන් දෙදෙනා යට කිරීමට උත්සාහගෙන තිබෙන අතර ඒ අවස්ථාවේ මගීන් දෙදෙනා අසළ ඇති නිවසකට ගොස් වාහනය යනතුරු සැඟවී සිට තිබේ.

වාහනය තුළදී පිහි පහර එල්ල නොකළේ වාසනාවකට බව සඳහන් කරන පූජන එසේ වූවානම් බේරීමට මඟක් නොමැති බවද සඳහන් කරයි.

මෙවැනි බැරෑරුම් සිද්ධියක් දැනුම්දීමට ඌබර් (Uber) ආයතනය ශ්‍රී ලංකාවේ කාර්යාලයක් පවත්වාගෙන නොයන අතර පුජන විසින් දින දෙකක් ඌබර් (Uber) ශ්‍රී ලංකා ආයතනය ඇමතීමට උත්සාහ කලද එය ව්‍යර්ථ වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements