Advertisement

නව කොරෝනා වෛරස නිව්මෝනියාව ආසාදිතයින් හදුනාගැනීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති “ඩයමන් ප්‍රින්සස්” නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවයි විදෙස් වාර්තා මගින් පැවසෙන්නේ.

පසුගිය 4 වනදා සිට යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති රටවල් 56 ක මගීන් 3700 කට අධික පිරිසක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හදුනාගැනීමත් සමඟ එහි සිටි සෙසු මගීන් පරීක්ෂාවට ලක් කිරීමට ජපාන බලධාරීන් තීරණය කළා.

ඒ අනුව මේ දක්වා පරීක්ෂා කළ පුද්ගලයින් අතරින් කොරෝනා ආසාදිතයින් 135 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ (10)දිනයේ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති බව ජපාන බලධාරීන් සඳහන් කර තිබෙනවා.

සෙසු මගීන් තවදුරටත් එම නෞකාවේ රැඳී සිටින බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements