වියත් මගට නාමයෝජනා ශ්‍රිලනිපයෙන් ? පොහොට්ටුව - වියත්මග සීතල ගැටුමක
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
News
,
Politics
,
SLFP
,
SLPP
,
viyathmaga
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ වියත් මග අතර නාමයෝජනා හේතුවෙන් යම් මතබේදාත්මක ස්වරූපයක් හටගෙන ඇති බව වාර්තාවනවා.
ඒ වියත් මගෙහි සිටිනා නවකයන්ට නාමයෝජනා ලබා දිම තුලින් වසර ගනනාවක් මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් ක්‍රීයාකාරීව සිටි,පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසකට නාමයෝජනා අහිමිවිම හේතුවෙන් බව පැවසෙනවා.
මේ වන විට ශ්‍රිලනිප නියෝජනය කල බොහෝ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගෙන තිබිනෙවා.
නමුත් මේවන විට තත්වය වෙනස් වෙමින් වියත්මගෙහි පිරිසට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා ලබාදීම ගැන යම් කසු කුසුවක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග ගොසිප්99 අප වෙත පවසා සිටියා. නමුත් ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි කිසිදු කැමැත්තක් නොමැති බවත් පැවසෙනවා.
කෙසේ නමුත් මේහේතුවෙන් මොවුන් අතර සීතල ගැටුමක් දක්වා මෙය වර්ධනය වී ඇති එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවා.

