Advertisement

කැනඩාවේදීම දරුවකු ඉපිද කලක පටන් එහි වාසය කරන ශ්‍රී ලාංකික පවුලක් එරටින් පිටුවහල් කිරීමේ අවදානමට මුහුණ දී සිටින බව CTV පුවත් සේවය වාර්තා කරනවා.

එම පවුලේ දරුවන් දෙදෙනා අතුරින් මානෙත් ප්‍රනාන්දු නමැති නව හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා විසින් තමන් මුහුණ දී සිටින දුෂ්කරතාව පිළිබඳව එරට ආගමන, විගමන සරණාගත සහ පුරවැසිභාවය පිළිබඳ අමාත්‍යවරයාට ඔහුගේම අත් අකුරින් යොමු කරන ලද ලිපියක් හේතුවෙන් මෙම ප්‍රවෘත්තිය මේ වන විට දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

“කැනඩාව අපිට ආරක්ෂිත ස්ථානයක්. අපේ පාසල සහ මිතුරන් ඇත්තේ කැනඩාවේ. අපි ශ්‍රී ලංකාවට ගියොත් එහි ළමුන් අපිට සිනාසෙයි. මොකද මට ඉංග්‍රීසි විතරක්ද කතා කරන්න පුළුවන් කියා ඔවුන් අසාවි යනුවෙන්” මානෙත් ප්‍රනාන්දු නම් වන දරුවා CTV ප්‍රවෘත්ති සේවය සමග ප්‍රකාශ කර තිබුණා.

එසේම සිය ලිපියෙන් මෙම දරුවා බිය පළ කර ඇත්තේ ශ්‍රී ලංකාවට යෑමට සිදුවුවහොත් තම දෙමාපියන්ට සහ සහෝදරයන්ට අනතුරුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි.

නිෂාන් ප්‍රනාන්දු සහ සුලක්ෂණා හේවගේ සහ දරුවන් දෙදෙනා ඇතුළු මෙම පවුල සංක්‍රමණික නීති පදනම් කර ගනිමින් එරට රජය විසින් 2020 මාර්තු 03 වැනිදා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතයි.

මාපියන් සහ වැඩිමහලු දරුවා කැනඩාවට සංක්‍රමණය වී ඇත්තේ 2012 වර්ෂයේදීයි.

කැනඩා අධිකරණය හමුවේ ඔවුන් සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ ළඟම ඥාතියකුගෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට යෑම සිය පවුලට අනතුරුදායක බවයි.

ඔවුන්ගේ පවුලේ නීතිඥවරිය වන උදානි පෙරේරා CTV පුවත් සේවයට පවසන්නේ දරුවන්​ දෙදෙනා කැනේඩියානු පුරවැසිභාවය සහිත පුද්ගලයකුට හදා ගැනීමට ලබාදී මාපිය යුවළට ශ්‍රී ලංකාවට ආපසු යෑමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ශ්‍රී ලාංකික පවුල මෙරටට පිටුවහල් කිරීමට බලපා ඇති නිශ්චිත හේතූන් CTV පුවත් සේවය විසින් නිශ්චිතව අනාවරණය කර නැහැ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements