Advertisement

තමන්ට ඇමෙරිකාවේ ගිණුමක් ඇති බවටත් එයට ඇමෙරිකානු ඩොලර් 100000ක මුදලක් තැන්පත් කර ඇති බවටත් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා විමල් වීරවංශ මහතා අභියෝග කළේය.

අද (11) කොළඹ පිහිටි සිය නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඔප්පු කොපි සිය ගණනක් CID යට හම්බවුණා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CID පරීක්ෂණයක් තිබෙනවානම් ඒක ඉවරවෙන්න කලින් මේවා කියන්න එතුමා පොලිස් ඇමතිවරයද? එහෙම නැත්නම් CID එක්ක හොර සබඳතාවක් තිබෙනවාද? මම එතුමාට අභියෝග කරනවා CID දාලා පරීක්ෂණ කරන්න මට එහෙම ඔප්පු දහස් ගණන් සිය ගණන් නෑ. ඡන්ද කාලේදී මට විරුද්ධව කථා කරන ඇමතිවරු ඉන්නවා. ඒ වගේ ඉඩම් තියෙනවානම් දූපතක් තියෙනවානම් ආණ්ඩුවට පවරා ගන්න කියලා මම කිව්වා. මේ වගේ චෝදනා කරද්දී හරියට බලාලා කියන්න ඕන. සතොස භාණ්ඩ ගනිද්දී ගුණාත්මක නොවන භාණ්ඩ ගත්තා කියලා චෝදනා කරනවා. මට ආයතන 42ක් තිබ්බා. මේ වගේ චෝදනාවක් ආවේ නෑ. මේ භාණ්ඩ ගන්නේ කමිටු පත්කරලා, ගුණාත්මක බව බලලා. එතුමා මම ගැන සිංහල ජනතාවට බොරු කියනවා. සතොස වාහන සහරාන්ට දුන්නා කිව්වා. මේවා ඔප්පුකරන්න පුළුවන්. දැන් ආණ්ඩුව ඇවිත් මාස තුනක් වෙනවා. මාව හිරේ දාන්න පුළුවන්නේ. එතුමා කියන චෝදනා සම්පූර්ණ අසත්‍යයි. මම නීතිඥවරු මාර්ගයෙන් කෝටි 100ක වන්දි ඉල්ලා එන්තරවාසි යොමුකර තිබෙනවා. සති දෙකක් එතුමාගේ උත්තර බලනවා. ඊට පස්සේ මම නඩු මගට යනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements