Featured News

Video Gossip

Advertisement

නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වන බවට වාර්තා වුවද අවසානයේ එම තනතුර ඔහුට අහිමි වුණා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා විශේෂ කාර්ය බළකායේ 12 වැනි අණදෙන නිලධාරියා ලෙස රාජකාරි භාර ගත්තා.


1985 ජනවාරි 20 වැනි දින උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වී වසර 35 ක කාලයක් පුරා ශ්‍රී ලංකා පොලිසියට අවංක සේවයක් ලබා දී ඇති නිලධාරියකු ලෙස ඔහු නමක් දිනාගෙන සිටිනවා.

ඔහු 2019 වසරේ අප්‍රේල් මස 6 දින සිට විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි ලෙස එක් වී 2019.11.30 නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වුණා.

ජනාධිපතිවරයාගේ කැමැත්ත නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට හිමිව තිබුන ද අවසානයේ පොලිස් කොමිසම නිර්දේශ කර ඇත්තේ අගමැතිවරයාගේ කැමැත්ත පලව තිබූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාටයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements