Advertisement

සහරාන් හසීම් මෙහෙය වූ අන්තවාදී කණ්ඩායම් 2020 වසරේදී ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් නිදහස් දින පෙළපාළිය, ප්‍රධාන පෙළේ ​හෝටල් හා ප්‍රධාන රෝහල් තුළ එකවර පුපුරාගෙන මහ විනාශයක් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා.

ගිලන් රථවල පුපුරන ද්‍රව්‍ය පුරවා ​කොළඹ, යාපනය, මහනුවර, රෝහල් තුළ මහා පරිමාණ පිපිරවීම් කිරීමටත් සිදු කළ සැලසුම් දැනට අත්අඩංගුවේ සිටින මරාගෙන මැරෙන පුහුණුව ලද අන්තවාදීන් විසින්ම අනාවරණය කර ඇති බවත් එහිදී සඳහන් වනවා.

වනාතවිල්ලුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක එම්.ජේ. මාරසිංහ ඇතුළු කණ්ඩායම සොයාගත් අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය තිත්පොළ හා කඳවුර තුළදී අන්තවාදීන් අසූවක් පුහුණු කරන්නට සූදානම් කර තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම අන්තවාදී කඳවුර අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව මගින් සොයාගෙන වැටලීමෙන් පසුව දීර්ඝ විමර්ශනයක් සිදු කරන ලද බවත් රිදීතැන්නේ රුපියල් ලක්ෂ විසිපහකට සහරාන් මිලදී ගත් මහවැලි ඉඩමක තිබී ජෙලක්නයිට් කූරු 238ක් සොයාගත් බවත්​ හෙළිවුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements