සුපිරි නළු ටොම් හැන්ක්ස්ටත් කොරෝනා
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
Tom Hanks
ජනප්‍රිය නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන් ට කොරෝනාවෛරසය වැළඳී ඇතැයි වාර්තා වෙනවා.
ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් හැන්ක්ස් ඒ බව හෙළි කර තිබෙනවා.
"අපිට මහන්සි බවක් මෙන්ම සිරුරේ කැක්කුම් දැනුනා.රීටා ට විටින් විට සීතල ආවා. ඒ වගේම යම් උණ ගතියකුත් තිබුණා," හෑන්ක්ස් සිය ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයේ සටහන් කර තිබේ.
මේ වනවිට ඔවුන් දේපළ ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ සිටින බව වාර්තා වේ.
එහි සිටින විට සිරුරේ සීත බව වැඩි බව දැනී වෛද්‍ය පරීක්ෂණයකට ලක්වී ඇති අතර එහිදී ඔවුන්ට වෛරසය වැළඳී ඇතිබව තහවුරු වී තිබෙනවා.
ඔවුන් දේපළ මීට දින කිහිපයකට පෙර ගෝල්ඩ් කෝස්ට්හි සිටි බව කියවේ. ඒ එල්විස් ප්‍රෙස්ලි ගේ ජීවිතය ගැන කෙරෙන චිත්‍රපටයක රූ ගත කිරීම් සඳහා එක්වීමටය.
කොරෝනාවෛරසය වසංගතයක් තත්ත්වයට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා (11) නිවේදනය කළා.

