Featured News

Video Gossip

Advertisement

බලන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක තමන් පදිංචි වි සිටින නිවස පිහිටි ඉඩම සමිබන්ධයෙන් ඇති විි තිබෙන ගැටලුවලකට ස්ථිර විසදුමක් ලබා දිිම සදහා මෙතෙක් බළධාරින් කටයුතු නොකලා යැයි පවසා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති අඩි 100 ක් පමණ උස සල් ගසකට නැග අද උදෑසන (27දා ) උපවාසයක නිරත වූවාය.

බලන්ගොඩ දියවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක දෙදරැ මවක මෙලෙස එම ගසට නැග උපවාසයේ නිරත වුවාය. දියවින්න දොරවෙලලන්ද රක්ෂිතයේ ඇය නිවස ඉදිකර දැනට වසර කිහිපයක සිට පදිංචිව සිටිති.

රක්ෂිතයේ නිවස ඉදිකිරීම සමිබන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වරයා ලබා දි අැති වාරයක් මත බලන්ගොඩ ප්‍රදේශයේ ලේකම් කර්යාලය මගිි එම නිවස ඉදිකිරීම සමිබන්ධයෙන් මිිට වසර තුනකට පෙර නඩු පවරා ඇත.

එම නඩුව බලන්ගොඩ අධිකරණයේ විභාග කෙරැණු අතර මිිට වසරකට පෙර එම නිවස ඉන් කඩා ඉවත් කරන ලෙස තින්දුව ලැබි ඇත.

පසුව මෙම කාන්තාව විසින් රත්නපුර පලාත්බද අධිකරණයේ නැවත නඩු පවරා තිබෙන අතර එහිදී බලන්ගොඩ අධිකරණයේ දි ලබා දුන් තින්දුවම සහතික කර ඇත.

එම රක්ෂිතයේ නිවාස හතරක් ඇති නමුත් තමන්ගේ නිවස කඩා දැමිම සදහා ගෙන ඇති තිරණය අසාධාරණ බව පවසා ඇය මෙලෙස ගසට නැග උපවාසයක නිරත වුවාය.

ඇය ඊයේ පෙරවරු 8.30 ට පමණ එම ගසට නැග උපවාසය ආරම්භ කල අතර පෙරවරු 10. 30 පමණ වන විටත් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

ඇති විි තිබෙන ගැටලුව සමිබන්ධයෙන් බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතාගෙන් විමසිමට උත්සාහ කල අතර ඒ මහතා වෙනත් රාජකාරියක් සදහා කල්තොට ප්‍රදේශයට යැම සදහා කාර්යාලයෙන් බැහැරව ගොස් තිබුණ නිසා පිලිතුරක් ලබා ගැනිමට නොහැකි විය.

– සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements