Advertisement

ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් කිහිප දෙනෙකු සමගම සබදතා පවත්වලා
ජේලර්වරයාට ස්ථාන මාරු

ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාගෙන් මත්පැන් බෝතල් සියයක් ලබාගත් ජේලර්වරයෙකුට එරෙහිව බන්ධනාගාර දෙපාර්තමේන්තු පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, බුද්ධි අංශ නිලධාරීන් විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් තොරතුරකට අනුවයි.

චෝදනාවට ලක්ව සිටින ජේලර්වරයා මීට මාස කිහිපයකට පෙර වෙලේ සුදාගෙන් මෙම මත්පැන් බෝතල් තොගය ලබාගෙන ඇත්තේ මංගල සාදයක් සදහා බවයි බුද්ධි අංශ අනාවරණ කර ගෙන ඇත්තේ.


වෙලේ සුදා මීට මාස 06 කටත් පෙර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිනවා. චෝදනාවට ලක්ව සිටින ජේලර්වරයාද දීර්ඝ කාලයක සිට එම බන්ධනාගාරයේ සේවය කරන අතර ඔහු විසින් ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් කිහිප දෙනෙකු සමගම ඉකුත් සමයේ සබදතා පවත්වා ඇති අයෙක්.

ඒ අනුව විනය පරීක්‍ෂණයකට යටත්ව චෝදනාවට ලක්ව ඇති මෙම ජේලර්වරයා ස්ථාන මාරු කර තිබෙනවා.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් සමග සබදතා පවත්වාගෙන ගිය තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා. ඒ අතර ජේලර්වරයෙක්, නියාමකවරුන් 06 ක්, සැරයන්වරයෙකු සහ පුනරත්ථාපන නිලධාරියෙකු ද අයත්.

වාරියපොල බන්ධනාගාරයේ සේවයේ නියුතු ජේලර්වරයෙක් සහ බෝගම්බර බන්ධනාගාරයේ සැරයන්වරයෙක් ද ස්ථාන මාරු කර තිබෙනවා. ඔවුන් සියළු දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සදහන් කළා

ඡායාරූපය අන්තර්ජාලයෙන්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements