Featured News

Video Gossip

Advertisement

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාණ හෝටලයක් තමාට අයත් බව කියමින් තමා වෙත එල්ල කරන ලද අසත්‍ය හා පදනම් විරහිත, අපහාසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂ මහතා සිය නීතිඥයන් මඟින් පරිසරවේදී සජීව චාමිකර මහතා ගෙන් දින හතක් තුළ රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යොෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ඇති බවත්, සිංහරාජය හරහා මාර්ගයක් ඉදි කරනු ලබන්නේ ඊට ළඟාවන මාර්ගයට සම්බන්ධ කිරීමට බවත් සජීව චාමිකර මහතා 2020.08.19 වන දින පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ප්‍රකාශ කරන යෝජිත රාජපක්ෂ මහතා එය පදනම් විරහිත චෝදනාවක් බව ප්‍රකාශ කරමින්, ඉන් තමාට හා තමාගේ චරිතයට සිදු වූ පුද්ගල හානිය සම්බන්ධයෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම,
  1. මෙම ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව පිළිගනිමින් තමා‌ගෙන් සමාව ගැනීම
  2. මාධ්‍ය ආයතන, සමාජ මාධ්‍ය හා වෙබ් මාධ්‍යයන්හි මෙම අසත්‍ය පුවත පළ කර ඇත්නම් එය ඉන් ඉවත් කරන ලෙස අදාළ ආයතන හෝ පාර්ශවයන් දැනුම්වත් කිරීම හා අදාළ පුවත ඉවත් කිරීමට කටයුතු කිරීම
  3. අදාළ ප්‍රකාශයේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මාධ්‍ය නිවේදනයක් මඟින් මාධ්‍ය වෙත දැනුම්වත් කිරීම
  4. යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නැවත පදනම් විරහිත චෝදනා සිදු නොකරන බවට ප්‍රකාශ කිරීම
  5. දින 07ත් ඇතුළත් කෝටි 50 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම

යනාදී කරුණු ඇතුළත් එන්තර වාසිය සේවා දායක නීතීඥ සමාගම විසින් අද 2020.08.24 දින පරිසරවේදී සජීව චාමිකර මහතා වෙත යොමු කර ඇත.

– repoter

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements