Featured News

Video Gossip

Advertisement

ජංගම දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව පවතින අංකය ම භාවිත කරමින් වෙනත් සමාගමක සබඳතාව ලබා ගැනීමේ පහසුකම සැලසීම සඳහා වන මූලික ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා මව්බිම වෙබ් අඩවියට පැවසුවේ, ජංගම දුරකතන සේවා සමාගම් අතර තරගකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන බවය.

මෙය Number Portability යනුවෙන් හැඳින්වේ.

මෙහිදී, තමන් භාවිත කරන දුරකතන සබඳතාව වෙනස් කිරීමට අවශ්‍ය වුවහොත් තමන්ගේ පවතින දුරකතන අංකය වෙනස් කිරීමකින් තොරව අවශ්‍ය සමාගමකින් සබඳතා ලබා ගත හැකි වනු ඇත.

ඒ අනුව, ඒ ඒ ජංගම දුරකතන සබඳතා සඳහා මේ වන විට භාවිත වන අංකන ක්‍රම (උදා: 071, 077, 072, 075) පොදු අංක බවට පත් වන බවත් ඒවා ඕනෑ ම සබඳතාවක් සඳහා භාවිත කළ හැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී ජංගම දුරකතන සේවා සමාගම් මේ සඳහා කැමැත්ත පළ කළ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මේ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් ද කිරීමට අපේක්ෂා කරන අතර මෙය සම්පූර්ණයෙන් ස්ථාපනය කිරීම සඳහා ගත වන කාලය නිශ්චිත වශයෙන් කිව නොහැකි බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements