Advertisement

චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව එරට බලධාරින් සඳහන් කර සිටිනවා.

බ්‍රසීලයේ සිට ආනයනය කරන ලද ශීත කළ කුකුළු මස් වල හා ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ ඉස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද මෙලෙසකොරෝනා වෛරසය සොයා ගත් බවයි චීනය සඳහන් කළේ.

චීනයේ දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම ආහාර තොගයෙන් ගෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව තහවුරු කර ගෙන ඇත.

ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයද දිගින් දිගටම කියා සිටියේ ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් සිදුනොවන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව චීන බලධාරීන් සඳහන් කර සිටිනවා.

සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක් යටතේ වසර 02ක පමණ කාලයක් යන තෙක් කොරෝනා වෛරසය නොනැසී පැවතිය හැකි බවත් කොරෝනා වෛරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයින් මිට පෙර සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements