Advertisement

සිය පෙම්වතා බීමතින් පුටුවක් මත නිදා සිටිත්දි ඇයට හොදටම පොවලා
ලයිට් එක දැම්මම ක්‍රිෂ්ණන් ඇද උඩ ඉදලා

සිය මිතුරෙකුගේ පෙම්වතිය බීමත්ව නිදා සිටියදී ඇයට ලිංගික අතවර කළ බවට වරදකරු වූ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු එරටින් පිටුවහල් කිරීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණය වැරදිකරු වූ ඔහුට වසර දෙකක සහ මාස 8ක සිර දඬුවම් නියම කළා.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ, අරුමාදුර මනෝජ් ක්‍රිෂ්ණන් දයාචන්ද්‍ර ද සිල්වා නමැති 30 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකුට එසේ සිර දඬුවම් නියම වූ බවයි.ඔහු නවසීලන්තයේ වාසය කරනුයේ, 2014 වසරේ සිටයි.

2018 වසරේ නොවැම්බර් 10 වන දා රාත්‍රී කාලයේ ක්‍රිෂ්ණන් ඔහුගේ මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කිරීම සඳහා ගොස් තිබුණා.එම පිරිස රාත්‍රී 11.30ට පමණ නැවත ඔවුන්ගේ නවාතැනක් වෙත පැමිණ ඇති අතර එහිදී ද මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් ඔවුන් මත්පැන් පානය කර තිබුණු බව අනාවරණය වනවා.

අතවරයට ලක්වූ තරුණිය පවසා ඇත්තේ, සිය පෙම්වතා බීමතින් පුටුවක් මත නිදා සිටි අතරතුර ඇය ක්‍රිෂ්ණන් සහ තවත් මිතුරෙකු සමග තවදුරටත් මත්පැන් පානය කළ බවය. පසුව අධික මත්භාවයට ලක්ව ඇති ඇය සිය පෙම්වතාගේ කාමරයට ගොස් එහි තිබූ ඇඳක් මත නිදා ගත් බව ද ඇය පවසා තිබුණා.

පසුව මද වේලාවකින් ඇය අවදි වූ අවස්ථාවේ ඇය දැක ඇත්තේ, යම් කිසිවෙකු තමන් සමග ලිංගික ක්‍රියාකාරකම් කිරීමට උත්සහ කරමින් සිටි ආකාරයයි. එම පුද්ගලයා සිය පෙම්වතා බවට ඇය උපකල්පනය කර ඇති අතර පසුව ඔහු නොවන බව ඇය වටහාගෙන තිබෙනවා.

එම සැකය මත කාමරයේ විදුලි බුබුළු දැල්වූ විට පෙනී ගොස් ඇත්තේ, ක්‍රිෂ්ණන් නමැත්තා සිය ඇඳ මත සිටි බවයි.

මෙම නඩුව විභාග කළ ක්‍රයිස්ට්චර්ච් දිස්ත්‍රික් අධිකරණයේ විනිසුරු ටොම් ගිල්බර්ට් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ, සිද්ධිය වී මාස 21ක් ගත වුව ද, තවමත් වින්දිත තරුණිය මානසික පීඩනයකින් පසුවන බවයි.

විත්තිකරුට එරෙහිව නඩු තීන්දුව දීමේදී මිතුරාගේ සහ ඔහුගේ පෙම්වතියගේ විශ්වාසය කඩ කිරීම ද සැලකිල්ලට ගෙන තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements