Advertisement


ස්ථානාධිපතිවරයා වෙනුවෙන් නිල නිවස්නයේම මත්පැන් සාදයක්
විමර්ශන නොකර කරුණු වසන්කොට  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලසුම් කරලා
රැකවරණය ලැබීම සඳහා බන්ධනාගාර ගතවීමට අංගොඩ සොල්ටා නමැත්තාට ආධාර අනුබලදීමේ චෝදනාව මත කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

අංගොඩ සොල්ටා අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුයි.

ඔහු පසුගිය 10 වැනිදා කිරිඳිවැල පොලිසියට භාරවී ඇති අතර ඒ වනවිටත් පාතාල මර්දන ඒකකය ඔහු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබුණා.


කෙසේ වෙතත් බන්ධනාගාරගතව රැකවරණය ලබා ගැනීමේ අරමුණෙන් සොල්ටා නමැත්තා කිරිඳිවැල පොලිසියට භාරවී ඇතත් පසුව පෑලියගොඩ පොලිස් විශේෂ ඒකකයට ආයුධ පෙන්වීමට ගොස් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්වුණා. ඒ පසුගිය 11 වැනිදායි.

සොල්ටා නමැත්තා අත්අඩංගුවට ගැනීමට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් කිරිඳිවැල පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් නිල නිවස්නයේම මත්පැන් සාදයක් පවත්වා ඔහු බන්ධනාගාරගත කිරීමට සහය ලබාදීම පිළිබඳ සාකච්ඡා කර ඇතැයි බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යටතේ කළ විමර්ශනයකදී හෙළිවී තිබුණා.

අංගොඩ සොල්ටා ගැන විමර්ශන නොකර උසස් නිලධාරීන්ට කරුණු වසන්කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සැලසුම් කිරීමත්, අපරාධ රැසකට හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ අධිකරණයේ නඩු ඇති ජාවාරම්කරුවකු පොලිසියට රැගෙන ඒමෙන් පසු ඔහු සමග එකතු වී පොලිසිය ඇතුළේ අරක්කු පානය කර බරපතළ විනය විරෝධී ක්‍රියාවක් කර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිව ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයාට නගා ඇති චෝදනාවයි.

මෙම චෝදනාවලට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ වැඩ තහනමට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements