Featured News

Video Gossip

Advertisement

අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ අමානි ඉන්දීය බන්ධනාගාරයේ

ඉන්දියාවේදී මිය ගිය පාතාල නායක අංගොඩ ලොක්කා හෙවත් ලසන්ත චන්දන පෙරේරාට නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන යළිත් ආරම්භ කර තිබේ.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම සිද්ධියේ විමර්ශන නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වීම හේතුවෙන් විමර්ශන කටයුතු අත්හිටුවා තිබිණි.

එම නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කර සිටි අතර එම නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු යළිත් විමර්ශන ආරම්භ කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව නීතිඥ සිවකාමි සුන්දරීගේ සොහොයුරාගෙන් සහ සොහොයුරාගේ බිරිඳගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කර ඇති බවය.

අංගොඩ ලොක්කාට ඉන්දියාව තුළ රැඳී සිටීම සඳහා ආධාර් කාඩ් පත ඇතුළු ව්‍යාජ ලේඛන සකස් කර දීම සම්බන්ධයෙන් නීතිඥ සිවකාමි සුන්දරීට චෝදනා එල්ල වී තිබේ.

ඇයට අමතරව ඇගේ සහයකයෙකු වන එස්. දියනේස්වරන් සහ අංගොඩ ලොක්කාගේ අනියම් බිරිඳ වූ අමානි තාන්ජි මේ වන විට බන්ධනාගාරගත කර ඇත.

මීට පෙර නීතිඥ සිවකාමි සුන්දරී කුලී පදනම මත ලබාගෙන තිබූ නිවසේ හිමිකරු, ඇයගේ දෙමාපියන්, අසල්වැසියන් සහ හිටපු සැමියාගෙන් ද පොලිසිය ප්‍රශ්න කර තිබිණි.

අංගොඩ ලොක්කා ඉන්දියාවට පැමිණීමෙන් පසුව චෙන්නායි සිට මධුරෙයි බලා රැගෙන ගොස් නවාතැන් දී ඇත්තේ, නීතිඥ සිවකාමි සුන්දරීගේ පියා වන එස්. දිනකරන් නමැත්තෙකි.

ඔහු හිටපු එල්ටීටීඊ හිතවාදියෙකු බව ඉන්දීය පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය කර තිබිණි.

2017 වසරේදී ඉන්දියාවට පළා ගිය අංගොඩ ලොක්කා පසුගිය ජූලි 3 වන දා කොයිම්බතූර්හිදී ජීවිතක්ෂයට පත්වූ අතර එය වස දීමකින් සිදුවූ මරණයක් බවට සැක කෙරේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements