Featured News

Video Gossip

Advertisement

සිම්කාඞ්පත් 55 ලබාලෙව විදේශයක සිට ජාවාරම මෙහෙයවනවා
හොර පාස්පෝට් එකකින් රට පැනලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා එක්ව සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු වන මත්ද්‍රව්‍ය ජාවාරම් නඩුවේ 14 වන සැකකාර කළුදුර උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා ඊයේ (14 දා) වරෙන්තු නිකුත් කළේය.

තෙල්වත්ත ආණ්ඩුවත්ත හා තෙල්වත්ත පන්සල පාරේ පදිංචිකරුවකු වන එම හෙරොයින් ජාවාරම්කරු මේ වනවිට රටින් පලා ගොස් විදේශ රටක සිට එකී මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවත් ඔහු රටින් පලා ගිය පසු මේ වනවිට අත්අඩංගුවට ගෙන රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින පී. විහඟ ප‍්‍රභාත දේමින්ද යන සැකකරු මගින් බද්දේගම ප‍්‍රදේශයේ පිහිටි චාමර කොමිනිකේෂන් යන ආයතනයෙන් ජංගම දුරකථන සිම්කාඞ්පත් 55 ක් ලබාගෙන එකී ජාවාරම සිදු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එක්ව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

උදාර සම්පත් නමැත්තා වෙනත් අයකුගේ නමින් සකස් කළ ව්‍යාජ විදේශ ගමන් බලපත‍්‍රයක් උපයෝගි කරගෙන රටින් පලා ගොස් ඇති බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සගයා එලෙස සිම්කාඞ්පත් ලබාගෙන ඇත්තේ විවිධ පුද්ගලයන්ගේ ජාතික හැදුනුම්පත් වල ස්කෑන් කරන ලද පිටපත් ඉදිරිපත් කරමින් බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුවට අදාළව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් හයදෙනකු හා සිවිල් පුරවැසියන් හයදෙනකු අත්අඩංගුවට ගෙන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව ලබාගත් දින 90 කරැුඳවුම් නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කරන බවත් එකී සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් ප‍්‍රකාශ මත එකී කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත

බන්ධනාගාරගත කර ඇති බවත් සිය විමර්ශන වාර්තාව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වාදී තිබිණි.

එකී සැකකාර පොලිස් නිලධාරීන් 13 දෙනා ද එකී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කුමන්ත‍්‍රණය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද විමර්ශන නිලධාරීන් සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට පෙන්වාදී තිබිණි.

විහඟ ප‍්‍රභාත දේමින්ද යන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කරනු ලබන එස්. පී. ජී. එල්. 3012 දරන මෝටර් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර එකී රථයේ මත්ද්‍රව්‍ය ශේෂයන් ඇත්තේ දැයි වාර්තාවක් කැඳවා ඇතැයි ද විමර්ශන නිලධාරීන් සිය විමර්ශන වාර්තාව මගින් අධිකරණයට පෙන්වාදී තිබිණි.

එම නඩුවේ සැකකරුවන් වන විමලසේනගේ ලයනල් ජයරත්න, ගයාන් තරංග පේ‍්‍රමරත්න සිල්වා, චමින්ද ලක්ෂ්මන් ජයතිලක, සමන් කුමාර ජයසිංහ, චමිල් ප‍්‍රසාද් චතුකාර, පි‍්‍රයන්කර ජයරත්න, රුවන් පුෂ්පකුමාර, අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, සමීර ප‍්‍රදීප් කුමාර, සමීර වන්නිආරච්චි, ලලිත් ජයවර්ධන, අතුල ජයන්ත බණ්ඩාර, දිනේෂ් නිර්මල යන 13 දෙනා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් එච්. අයි. කේ. කාහිංගල මහත්මිය නියෝග කළාය.

පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එම්. ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා යන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements