Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන බව පැවසූ මාස හයක ලීසින් සහනය ප්‍රෝඩාවක් වී ඇතැයි සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සේවා සංගමය සඳහන් කරයි.

එහි සභාපති රුවන් ප්‍රසාද් මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගේ නියමයද නොතකා ලීසිං සමාගම් විසින් මේ වන විට ලීසින් වාරික ගෙවන ලෙස බලපෑම් කරමින් සිටින බවයි.


මේ සම්බන්ධයෙන් රජය වහා පියවර නොගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ගයට යාමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

පාසල් සිසුන් ප්‍රවාහන සංගම් වලට ලීසීං සහනයක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහමැතිවරණයට පෙර ප්‍රකාශ කළ ද එවන් සහනයක් දීම සදහා චක්‍රලේඛ එවා නොමැති බව පවසමින් ලීසින් සමාගම් විසින් වාරික අයකර ගැනීමේ දැඩි උත්සාහයක් යොදන බව ඔහු කියා සිටියේය.

ලීසිං වාරික නොවන්නේ නම් දඩ පොලී අය කරන බවත් එසේද නොවේ නම් වාහන අත්පත් කරගන්නා බවත් ලීසිං සමාගම් විමින් දැනුවත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් කැදවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements