Featured News

Video Gossip

Advertisement

ගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 3 වනදා රාත‍්‍රී දීර්ඝ වේලාවක් තමා ඇතුළු අදාළ බලධාරීන්ට දුරකථනයෙන් කතාකොට උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.
”අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග‍්‍රාමාත්‍යතුමා හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඍජු උපදෙස් මත සියලූ සම්බන්ධීකරණ කටයුතු මේවන විටත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (MEPA) සමඟ සිදු කරමින් පවතින බව ද ලේකම්වරයා වැඩිදුරත් සඳහන් කළේය.”

එමෙන්ම පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ සිට ඉන්දියාව දක්වා යාත‍්‍රා කරන අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවට නාවුක සැතපුම් 38 ක් දුර සංගමන්කන්ද ආසන්නයේ දී 2020 සැප්තැම්බර් මස 03 දින පෙරවරුවේ හදිසි ගින්නක් ඇතිවීම නිසා ගිනිගෙන ඇත. එම නෞකාවේ බොර තෙල් මෙටි‍්‍රක් ටොන් 270,000 ක් රැගෙන ගිය බව සඳහන් වේ. දැනට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ මුලික මැදිහත් වීමෙන් (MEPA) හා සිද්ධි කළමනාකරණ කණ්ඩායම (IMT), වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, ධීවර දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව ඇතුළු ආයතන 15 ක් ඒකාබද්ධව ආරක්ෂණ වැඩසටහනක් සිදුකරමින් පවති

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements