Advertisement

පාර්ලිමේන්තුට පැමිණි ප්‍රභූවරයෙකුගේ පෞද්ගලික ගමන් මල්ලක් පරීක්ෂාකර ඔහුගේ කටයුතුවලට බාධා කළේ යැයි චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු ආරක්‍ෂක රාජකාරියේ සේවය කළ පොලිස් නිලධාරීන් තිදෙනකු මාරු කර යවා තිබේ.

එසේ මාරුකර යවා ඇත්තේ පාර්ලිමේන්තු රාජකාරියේ යෙදී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරියක් ද හා පොලිස් කොස්තාපල්වරයෙකි.

ඉහත ප්‍රභූවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඔහුගේ පෞද්ගලික බෑගය රැගෙන පාර්ලිමේන්තු පිවිසුමෙන් ඇතුළු වීමට සූදානම් වූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් ගමන්මල්ල පරික්ෂා කරමින් බාධා කළේ යැයි චෝදනා එල්ල වී ඇත.

මේ සමග වන පාර්ලිමේන්තු පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක වරයාද පොලිස් මූලස්ථානයට මාරු කර තිබේ.

නමුත් එම මාරු වීම සිදුකර ඇත්තේ මීට පෙර සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය අනුව බවත් පොලිසිය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements