වට්ස් ඇප් එකෙන් නවක වදය දී අසභ්‍ය චිත්‍රපට රූගත කරවයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
WhatsApp
යාපන සරසවියේ නවක සිසුන් පිරිසක් සමාජ මාධ්‍ය භාවිතයෙන් නවක වද දීමේ සිදුවීමක් වාර්තා වෙයි.
එහි දෙවැනි වසරේ සිසුන් කිහිපදෙනකුගේ ප්‍රධානත්වයෙන් වට්ස්ඇප් මෘදුකාංගය භාවිත කරමින් මෙම නවක වද වදය ලබා දී තිබේ.
නවක සිසු සිසුවියන්ට නිරුවත් ඡායාරූප වීඩියෝ සහ වෙනත් අසභ්‍ය දර්ශන රූගත කර වට්ස්ඇප් ඔස්සේ වන ලෙස ඔවුන් විසින් දැනුම්දී ඇත.
එසේ නොඑවන පිරිස් සරසවි නොඑන ලෙසද ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තර්ජනය කර ඇත.
මෙම සිදුවීම සඳහා නවක සිසු සිසුවියන් එකසිය විස්සකට වැඩි පිරිසක් ගොදුරු වී ඇති බව ද දැනට වාර්තා වී ඇත.
මේ අතර නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් නිරුවත් කරමින් නවක වදය ලබා දී ඇතැයි තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලැබී තිබේ.
මෙම පැමිණිලි පිළිබඳව පියවර ගන්නා බව කොමිෂන් සභාව සඳහන් කරයි.

