Featured News

Video Gossip

Advertisement

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන ඊයේ (17) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි නිරීක්ෂණ චාරිකාවට එක්වුණා.

නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අගමැතිවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වුණා.

අනතුරුව වරාය නගර මාධ්‍ය උද්‍යානයේ අගමැතිවරයා විසින් මැයි මාර ගසක් රෝපණය කරනු ලැබුවා.

ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගිය අග්‍රාමාත්‍යතුමා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියා.


මෙහිදී අදහස් දක්වමින් අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කර සිටියා,

“චීන ජනාධිපතිතුමයි මමයි ආරම්භ කරපු මෙම ව්‍යාපෘතියට අදට වසර 6ක් ගත වෙනවා. පසුගිය කාලයේ සිදු වූ යම් යම් දේ නිසා වසර 2 පමණ එම ව්‍යාපෘතියේ වැඩ ප්‍රමාද වුණා. දැන් නැවත වරාය නගර ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වී තියෙනවා. අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පත් වෙනවා. එමඟින් රැකියා 83000 පමණ බිහි වෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම ඩොලර් බිලියන 15ක්.

අපි කුඩා අවධියේ අසා තිබුණේ මුහුදට මේ රට ඛාදනය වෙනවා කියලා. පළමුවතාවට අපි මුහුද අපේ රටට එකතු කර ගත්තා. කොළඹ වරාය නගරය ඉදි කරන්න සහය වන චීන රජයට අපි ස්තූති වන්ත වෙනවා. චීන කොමියුනිට්ස් පක්ෂය හදලා වසර 100 ගත වෙනවා. එළඹෙන ඔක්තෝම්බර් 01 වෙනිදා මහජන චීන සමූහාණ්ඩුව ජාතික නිදහස් දිනය සමරනවා. අපි ශ්‍රී ලාංකිකයින් හැටියට චීන ජනාධිපතිතුමා ඇතුලු සමස්ත චීන ජනතාවට අපේ සුභ පැතුම් එක් කරනවා.“යැයි අගමැතිවරයා පවසා සිටියා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2014 සැප්තැම්බර් 17 වෙනිදාය.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269මුහුද ගොඩකර භුමිය සකසා ඇති අතර කිලෝමීටර 3.2 ක් දිගුවන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements