Featured News

Video Gossip

Advertisement

කොස්තාපල් ප්‍රදීප් කුමාර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්  ශ්‍රී ලංකාවට
අංගොඩ ලොක්කාගේත් සම්බන්ධයක්

සපුගස්කන්ද ප්‍රදේශයේ ලී මඩුවකින් හමුවූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඉන්දියාවට පළා යද්දී රාමනාථපුරම්හිදී ඉන්දීය අත්අඩංගුවට පත්වූ ප්‍රදීප් කුමාර බණ්ඩාර නමැති පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයේ අනුමැතිය ලැබී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව ප්‍රදීප් කුමාර බණ්ඩාර දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසරය ලැබී ඇත.


මේ වන විට කොයිම්බතූර්හිදී මරණයට පත්වූ අංගොඩ ලොක්කා පිළිබඳ විමර්ශන සිදු කරන ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් අධිකාරී ඕ.එච්. රාජුට මොහු පිළිබඳ විමර්ශන කටයුතු ද භාර දී තිබේ.

31 හැවිරිදි ප්‍රදීප් කුමාර බණ්ඩාර සපුගස්කන්ද ප්‍රදේශයේ ලී මඩුවකින් හමුවූ හෙරොයින් තොගය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට අවශ්‍ය වී සිටි අයෙකි. එම හෙරොයින් තොගය සඟවා තබා තිබුණේ ඔහුගේ සොහොයුරෙකුට අයත් ලී මඩුවකිනි. ප්‍රදීප් කුමාර බණ්ඩාරගේ සොහොයුරා අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කළ ප්‍රදීප් කුමාර බණ්ඩාර කොළඹ සිට හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් රැගෙන විත් සිය සොහොයුරාට භාර දුන් බවට චෝදනා එල්ල වී තිබේ.

ඔහුගේ සොහොයුරා ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ප්‍රදීප් කුමාර නමැත්තා ඉන්දියාවට පළා ගියේය.

ඔහු පසුගිය සැප්තැම්බර් 05 වන දා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුහි රාමනාථපුරම් ප්‍රදේශයට ළඟා වී තිබූ අතර එහිදී රාමනාථපුරම් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ පසුව චෙන්නායිහි පුලාල් බන්ධනාගාරයේ රඳවා තැබීය.

ඒ අනුව විමර්ශන කටයුතු භාර ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා රාමනාථපුරම් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කළේය. ඒ අනුව ඔහුගේ දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසරය ලැබිණි.

ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ප්‍රදීප් කුමාර බණ්ඩාර ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය වී සිටින සැකකරුවෙකු වන හෙයින් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඔහු ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු කරන බවය.

ප්‍රදීප් කුමාර බණ්ඩාර මූලික ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, තමන් ධීවරයෙකුගේ සහයෙන් ශ්‍රී ලංකාවෙන් පළා ගිය බවය.කෙසේ වෙතත්, මණ්ඩපම්හි පදිංචි ධීවරයෙකු බව කියන ඔහු හමුවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බව ප්‍රදීප් කුමාර පවසා තිබේ.

අදාළ ධීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements