Advertisement


අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨයේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචි මෙම දෙදෙනාට ඇතිවූ අසනීප තත්ත්වයක් නිසා ඔවුන් පෙරේදා (11) සවස කඹුරුපිටිය ආඳපාන රෝහලට ඇතුළත් කරන ලද අතර ඔවුනට කොරෝනා ආසාදනය වී ඇති බව එහි දී කළ පීසීආර් පරික්ෂණයේ දී තහවුරුවී ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවට ඇතුළත් කළ බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථයට 395දෙනකු ඊයේ (15) වනවිට රැගෙනවිත් ඇති අතර ඔවුන්ගෙන් 18 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරුවීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

තවත් දෙදෙනකු උණ සෑදීම නිසා ආඳපාන රෝහලට ඇතුළත්කර තිබුණා.

ඒ අනුව නිල්වලා විද්‍යා පීඨ නිරෝධායන මධ්‍යස්ථානයේ මේ වනවිට නිරෝධායනය වන සංඛ්‍යාව 375ක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements