Advertisement


රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන් කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කළුබෝවිල රෝහලේදී සිදුකළ පරීක්ෂණ වලදී එම කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. ඉන්පසු එම කාන්තාව අද දින IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය සතිපොළේ මාළු වෙළඳාමේ නිරත වූ කාන්තාවක් බවත් එම කාන්තාවගෙන් මාළු මිලදී ගත් අය සිටී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම් දීමක් කරනු ලබනවා.

එසේම මෙම කාන්තාව දෙහිවල පිහිටි පෞද්ගලික දන්ත වෛද්‍ය ආයතනයකටද ගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද පවසනවා.

එම කාන්තාව වාසය කළ සඳුන්ගම රතුකුරුස වත්ත නිවාස සංකීර්ණයේ ගෙවල් 10 පුද්ගලයින් 34 නිවාස වල ස්වයං නිරෝධායන සඳහා යොමු කළ අතර එම කාන්තාව ළඟින්ම ඇසුරු කළ තවත් පවුල් 04 කට අයත් පුද්ගලයින් 22ක් මාදම්පේ නිරෝධන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර තිබෙනවා.

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රත්මලාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය නිලධාරීන් සහ ගල්කිස්ස පොලිසිය එකතුව මේ පිළිබඳව විමර්ශන සිදුකරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements