Advertisement


මිනුවන්ගොඩ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් සේවිකාවන් 246 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා.

ඒ අනුව ඇඟලුම් කම්හලේ සමස්ත රෝගීන් ගණන 569ක් දක්වා ඉහළ ගියා.

බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පොකුරෙන් ඊයේ දිනයේදී ද ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනුණා.

ඊයේ දිනයේදී හඳුනා ගැනුණු ආසාදිතයින් 101 දෙනා, දිස්ති‍්‍රක්ක 16 ක පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. එම ආසාදිතයින් පිරිස අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ 56 දෙනෙකු, යාපනය දිස්ති‍්‍රක්කයේ 13 දෙනෙකු, මාතලේ දිස්ති‍්‍රක්කයේ 06 දෙනෙකු, නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ 05 දෙනෙකු සහ කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ 04 දෙනෙකු ද වනවා.

එමෙන්ම බදුල්ල සහ පුත්තලම දිස්ති‍්‍රක්කයෙන් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් වාර්තා වන අතර අම්පාර දිස්ති‍්‍රක්කයෙන් ද ආසාදිතයින් 02 දෙදෙනෙකු වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

අනුරාධපුරය, කෑගල්ල, කිලිනොච්චිය, මාතර, මොණරාගල, පොළොන්නරුව සහ වවුනියාව දිස්ති‍්‍රක්කවල පදිංචි සේවිකාවන් එක් අයෙකු බැගින් ද ඊයේ සොයා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතරට අයත් බව ද යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements