Advertisement


ඊයේ දිනයේදී වාර්තාවූ කොරෝනා ආසාදිත රෝගීන් අතුරින් 42 දෙනෙකු සීදුව ප්‍රදේශයේ පිහිටි එකම නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පිරිසක් බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

එමෙන්ම ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 194 දෙනා අතුරින් ඇඳිරි නීතිය පනවා නොමැති ප්‍රදේශවලින් ද ආසාදිතයින් හමුවී තිබෙන බවයි මෙහිදී යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

” ඇඳිරි නීතිය පනවා නොමැති හොරණ, අනුරාධපුර, රාගම, ගනේමුල්ල, රත්නපුර, කළුතර, සීදුව, කැලණිය, කොළඹ, කුරුණෑගල, පොළොන්නරුව, මිගමුව, රත්මලාන, නුගේගොඩ, කඩව සහ හැටන් කියන ප්‍රදේශ වලින් කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වන්නේ මෙම පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ කිරීමේදී ඔවුන් ලබාදී තිබෙන ලිපිනයන් අනුවයි.

නමුත් සමහර විට මෙම පුද්ගලයින් රැකියා කරන්නේ වෙනත් ස්ථානවල නතර වෙලා. අපිට තියෙන ගැටළුව මේ විදිහට කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වෙන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සොයා යාමේදී ඔවුන් ලබාදෙන මේ ලිපිනයන් නිවැරදි නොවීම නිසා ඇතිවන ගැටළුයි. මේ නිසා අපි යලිත් වතාවක් මතක් කරනවා ඔබ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටින පුද්ගලයෙක් නම් ඔබත් සමග සිටින අනෙක් පුද්ගලයින් ගෙන් කෙනෙකු හෝ ඔබට PCR පරීක්ෂණයක් සිදුකළහොත් එහි ප්‍රතිපල එනතුරු එම ස්ථානයේම ස්වයං නිරෝධායනය වෙන්න.

මොකද ඔබ හරහා හෝ ඔබත් සමග නේවාසිකාගාරයේ සිටින අනෙක් පුද්ගලයින් හරහා කොරෝනා වෛරසය ඔබගේ රැකියා ස්ථානයට ව්‍යාප්ත වීමේ අවධානමක් තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයෙකුගේ බිරිඳක් රැකියාව කළා කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවක. තමන්ගේ ස්වාමි පුරුෂයාට කොවිඩ් ආසාධනය වෙලා කියලා දැන දැනම අදාළ කාන්තාව රැකියාවට ගිහින් තිබූනා. මේ ගැන අපේ බුද්ධි අංශ කරුණු හොයාගෙන අදාළ කර්මාන්ත ශාලාවට ගිහින් ඇයව දැනුවත් කළා. පස්සේ ඒ කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ වලින් එහි සිටින සේවක සේවිකාවන් 17 දෙනෙකු කොවිඩ් රෝගීන් හඳුනා ගෙන තිබෙනවා. මේ වෛරසය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා අවධානමෙන් පසුවන එකයි සිදුකරන්න ඕන” මෙහිදී යුධ හමුදාපතිවරයා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements