Advertisement


බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ කිරීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර තිබේ.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයකට පත්ව තිබිණි.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements