Featured News

Video Gossip

Advertisement

දෝහා කටාර් සිට පුද්ගලයින් හතලිස් හතර දෙනෙකු (44) මෙරටට
ඇගළුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,186ක්

අද (11) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් එකසීය පස් දෙනෙකු (105) හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින් එකසීය පස් දෙනා (105) අතරින් දෙදෙනෙකු (02) විදේශයන්හී සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර, ඔවුන් හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වන රතු මුහුදු ප්‍රදේශයේ රාජකාරි කල මුහුදු ආරක්‍ෂකයින් දෙදෙනෙකු (02) වේ.

එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් එකසීය තිදෙනෙකු (103) සිටින අතර, ඉන් එකසීය එක් දෙනෙකු (101) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) එම ඇඟළුම් කම්හලේ සේවකයින් වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (11) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 1,186 දෙනෙකු වේ.

අද (11) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් හතලිස් හතර දෙනෙකු (44) මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (11) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් අනු දෙනෙකු (90) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, රුවල් රිසෝට් කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දෙදෙනෙකු (02) ද, හබරාදුව පොලිස් ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් තිදෙනෙකු (03) ද, බෝගොඩ ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හැට දෙනෙකු (60) ද, හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හත් දෙනෙකු (07) ද, හොටෙල් ඩෙල්ෆින් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හතර දෙනෙකු (04) සහ බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් දහ හතර දෙනෙකු (14) වශයෙන් වේ.

එසේම, අද (11) දිනය වනවිට පුද්ගලයින් 50,726 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (11) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92 ක් තුළ පුද්ගලයින් 10,224 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (10) දිනය තුලදී PCR පරික්‍ෂණ 4754 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 325,763 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (11) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් දහ දෙනෙකු (10) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් දහ දෙනා (10) විදේශයන්හී සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

– කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements