Advertisement


කොරෝනා ආසාදිත සේවකයන් පස් දෙනෙකු කොළඹ නැව් තටාකාංගනයෙන් හඳුනාගෙන තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි.

ඒ අනුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරමින් ඇති බව ඔහු කියා සිටියේය.

මෙම සිදුවීම මතුගම ප්‍රදේශයේ බස් රථයකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් හා සම්බන්ධ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් මෙම ආසාදිතයන් වාර්තා වීම නිසා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතුවලට බාධාවක් සිදු නොවන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු වරාය සභාපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements