Advertisement


හොරණ සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඔලබොඩුව ග්‍රාමයේ කාන්තාවකට සහ ඔහුගේ සහෝදරයාට කොරෝනා ආසාධිත බවට තහවුරු වී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසනවා.

අදාළ කාන්තාව කහතුඩුව හයිඩ්‍රාමනි කර්මාන්තශාලාව් සෞඛ්‍ය ඒකකයේ නිළධාරිනියක් ලෙස සේවයේ නිරතවන්නියකි. ඇයගේ සහෝදරයා වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කරනු ලබනවා.

මෙම කාන්තාව තම සහෝදරයා සමග මිනුවන්ගොඩ පැවති මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එම උත්සවයේදී ඔවුන් සමග කතා බහ කරමින් සමීපව කටයුතු කළ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට පසුව තහවුරු වී තිබෙනවා.

ඉන් අනතුරුව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් හයිඩ්ඩ්‍රාමනි කර්මාන්ත ශාලාවේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂණ සදහා අදාළ සෞඛ්‍ය ඒකකයේ නිලධාරිනිය සහ ඇයගේ සහෝදරයාද සහභාගි වී ඇති අතර එහි ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ ලැබි තිබුනා.

ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සියලුම සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements