Advertisement



කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ගේබ්‍රියෙසස් ජිනීවා නුවර ඊයේ පැවති විශේෂ හමුවක් අමතමින් මේ බව ප්‍රකාශ කළේය. හර්ඩ් ඉමියුනිටි නමින් හැදින්වෙන

මෙම උපක්‍රමය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට ලක් වන අතර ඇතැම්විට ජීවිත අහිමිවීම් පවා සිදු වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ ආකාරයෙන් ජනතාව තුළින් ප්‍රතිශක්තියක් ගොඩනගා ගනිමින් වෛරස් ව්‍යාප්තියට මුහුණදීමේ තත්ත්වයක් සමාජය තුළ ඇති කිරීමට මූලික වශයෙන් ඇමෙරිකාව උත්සහ ගන්නා බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරයි. මේ හේතුවෙන් ඇමෙරිකානුවන්ගේ ජීවිත රැසක් අහිමි වන තත්ත්වයක් උදා වී ඇති බවද කියා සිටියි. ඉතිහාසයේ කවරදාක හෝ වෛරසයකට එරෙහි ප්‍රතිශක්තිකරණය ගොඩනැගීම සදහා මෙවැනි උපක්‍රම භාවිතා කර නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements