මේ වනවිට කුරුණෑගලින් සහ මොණරාගලිනුත් කොරෝනා හෙවත් කොවිඩ් – 19න් ආසාදිතයින් තිදෙකෙතු හමුවී ඇති බව වාර්තා වේ.
එම ආසාදිතයින් වාර්තා වන්නේ කුරුණෑගලින් දෙදෙනෙකු සහ මොණරාගලින් එක් අයෙකු ලෙස ය.
ඔවුන් තිදෙනාම දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් බවත් ඇඟලුම් ආයතනයේ සේවිකාවන් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කුරුණෑගලින් හමු වූ දෙදෙනා ප්‍රතිකාර ලබමින් කුරුණෑගල රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මේ වනවිට ඔවුන් කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා තිබේ.
කොවිඩ් ආසාදිත බවට මොණරාගලින් වාර්තා වූ කාන්තාවද මේ වනවිට කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා ඇත.
යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්
යාපනය ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වී ඇත.
ඇය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට නිවාඩු ලබා යාපනයට පැමිණ සිටි කාන්තාවකි.
යාපනයේ රෝහලේදී සිදු කරන ද පරීක්ෂාවකදී ඇය ආසාදිත යැයි තහවුරු වී ඇත.
ඇය සමග තවත් විසි දෙදෙනෙකු කොරෝනා පරීක්ෂාවට යොමු කර තිබේ.
මොණරාගල කාන්තාවකට කොරෝනා…
මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවකි.
මොණරාගල රෝහලට ඇතුළත් කර සිදුකරන ලද පරීක්ෂණවල දී මෙම බව තහවුරු වී ඇත.
ඇය කොළඹ උණ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

