Advertisement

හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම හේතුවෙන් හදිසි තත්වයක් දැනුම් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බවයි.

දැනට ඇඳිරි නීතිය පනවා ඇත්තේ දිවුලපිටිය වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පමණක් වුවද සෙසු ප්‍රදේශවල සිටින ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශ අනුව කටයුතු කළ යුතු බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ දැක්වෙයි. මහජනතාව එක්රැස් වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටි යුතු බවත් නිවෙසින් පිටත පැමිණ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණයක් පැලදිය යුතු බවත්, නිතර අත් සේදීම සහ මූණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් එම නිවේදනයේ සදහන්ය.

වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවත් එළිමහනේ ක්‍රියාකාරකම් හැකිතාක් අවම වන ලෙස කටයුතු කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements