ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සිට චීනයට ‘විලෝපිකයකු’ බව කිවුවාට චීනෙන් සැර පිළිතුරක්
China
,
gossip
,
gossip lanaka
,
Mike Pompeo
,
News
,
Politics
,
Sri lanka
,
US Secretary
,
USA
ඊයේ (28 වැනිදා) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ චීනය විලෝපිකයකු (Predator) ලෙස හැඳින්වීමට ප්‍රතිචාර දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චීන තානාපති කර්යාලය වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබුණා. ‘‘සමාවෙන්න ලේකම් පොම්පෙයෝ අපි ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය සහ සහයෝගීත්වය ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය සඳහා කාර්යබහුල වී සිටිමු. ඔබේ Alien vs. Predato ක්‍රීඩාවට කළ (මෙය හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපටයක් මෙන්ම එය පාදක කරගත් වීඩියෝ ක්‍රීඩාවක්ද වේ) ආරාධනය සම්බන්ධයෙන් අපි උනන්දු නොවෙමු. එමෙන්ම එක්සත් ජනපදය සෑම විටම එකවර චරිත දෙකක් රඟ දැක්වීමේ නිරතව ඇත.”

