ලංකාව තුල කොරෝනා (COVID-19) මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සඳහන් කරයි.
එනිසා වෛරසයේ අවදානම් කාණ්ඩ රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගතයුතු බවද සංග්‍රමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
එසේ නොකලහොත් කොරෝනා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි ද ඒ මහතා අනතුරු ඇගවීය.
ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙම තත්ත්වයට මුහුණ දීමට විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවදුරටත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බවද ඒ මහතා පැවසීය.
එනිසා එක් එක් ප්‍රදේශවල ඇති නියම අවදානම එහි ජනතාවට නොසඟවා පවසන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එවිට ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

