Featured News

Video Gossip

Advertisement


පෑලියගොඩ ‍මාලු තොග වෙළඳ සංකීරණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවීඩ් 19 වෛරසිය වැළඳී ඇති බවට තහවුරු වී ඇතයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

යාපනය ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මානවල පදිංචි අදාල මාලු ව්‍යාපාරකයින් දෙදෙනො පෑලියගොඩ මාලු තොග වෙළඳ සංකීරණයට ගොස් ඇති බවට අනාවරනය වීමෙන් පසුව ඔවුන් දෙදෙනාගෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකදී ඊයේ (27) දින වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, සෞඛ්‍ය නිලධාරීන් හා යුදහමුදාව එක්ව අදාල ගම්මානයන්ට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පියවර ගනු ලැබීය.

එමෙන්ම අදාල ගම්මානයන්හි කොරෝණා ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් හඳුනාගන්නා තුරු ගම් දෙක සම්පූරණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙසටද යාපනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති අතර මේ වන විට අදාල ගම්මානයන්හි කොරෝණා ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් හඳුනාගනිමින් නිරෝධායන කටයුතු හා පී.සී.ආර්. පරික්ෂණ වෙතට යොමු කරවීමි සිදු කරන බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements