Advertisement


ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ඇතුළුව එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම් සමූහයට අයත් දේපොළ විකිණීම සිදුව ඇත්තේ නීති විරෝධී ආකාරයට බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇතැයි වාර්තා​ වනවා.

එසේම එහිදී මුදල් විශුද්ධිකරණයක් සිදුව ඇති බවටද කොමිසම කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ අනුව එම දේපොළ රජයට පවරා ගැනීමටත්, හිමිකරුවන් වූ එදිරිසිංහ පවුලට එරෙහිව අපරාධ නීතිය යටතේ නෛතිකව කටයුතු කිරීමේ හැකියාව ඇති බවත් කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මහ බැංකුවේ මැදිහත්වීමෙන් එම සමාගම් සමූහය සතු දේපොළ විකිණීමේදී අක්‍රමිකතා සිදුව ඇත්දැයි සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මාසයේදී මෙම කොමිසම පත් කෙරුණා.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සභාපතිත්වය දැරූ එම කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ හිටපු සොලිසිටර් ජනරාල්වරයකු වන සුහද ගම්ලත් හා ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඩී.එම්. ගුණසේකර යන අයයි.

එම සමාගම සතුව තිබූ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය විදේශ සමාගම් කිහිපයකට විකිණීම සිදුව ඇත්තේ මෙරට නීතියට පටහැනිවද යන කාරණය සම්බන්ධයෙන් සොයා බැලීමද මෙම කොමිසමට පැවරී තිබෙනවා.

කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා,

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements