Advertisement

ආයතනයේ පිරිස් සහභාගි වූ සාද දෙකක් 
සාදයකට ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්

දිවුලපිටිය ඇඟළුම්, කම්හල ආශි‍්‍රත කොවිඞ් පොකුරෙන් තවත් ආසාදිතයින් 124 දෙනෙකු ඊයේ රාති‍්‍රය වනවිට වාර්තා වුණා.

ඒ අනුව දිවුලපිටිය කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 832 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙම ආසාදිතයින් සියළු දෙනා එම ඇ`ග`ළුම් කම්හලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වනවා. ඔවුන් සියළුම දෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කෙසේ දැයි සොයා ආරක්‍ෂක අංශ තවදුරටත් විමර්ශන සිදුකරනවා.

ඉකුත් 25 සහ 26 යන දිනවල එම ආයතනයේ පිරිස් සහභාගි වූ සාද දෙකක් සම්බන්ධයෙන්ද ආරක්‍ෂක අංශවල අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් 25 වනදා කටුනායක එයාර් පෝට් ගාර්ඞ්න් හෝටලයේ පැවති සාදයකට මෙම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 39 දෙනෙකු සහභාගි වී ඇති අතර ඉන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව මේ වනවිට තහවුරු කර ගෙන තිබෙනවා.

ගුවන් සේවාවල සේවය කරන පිරිස් නිරෝධානයනය සදහා මෙම හෝටලයට පැමිණෙන බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙම හෝටලයේ පැවති සාදයට සහභාගි වූ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු හරහා වෛරසය ව්‍යාප්ත වූවා දැයි සොයා මේ වනවිට විමර්ශන කි‍්‍රයාත්මකයි.

ඉකුත් 26 වනදා අදාළ කර්මාන්ත ශාලාව තුළම තවත් සාදයක් පවත්වා ඇති අතර ඊට ජනප්‍රිය සංගීත කණ්ඩායමක්ද සහභාගි කරවාගෙන තිබෙනවා.

එම සංගීත කණ්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකු කර්මාන්ත ශාලාව තුළට පැමිණ ඇති අතර ඔවුන් හරහා වෛරසය ව්‍යාප්ත වූවාද යන්න මතුව ඇති තවත් සැකයක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements