Advertisement


තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසනවා.

ඇය වැඩිදුරටත් පවසන්නේ උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාළ රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් ඇයට වේලාවක් නොමැති බවයි.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි නොදන්නා බව මෙහිදී ඇය පවසා තිබෙනවා.

තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements