කිසිදු මූල්‍ය ආයතනයක අසාර්ථකවීමක් අනිවාර්යයෙන්ම වළක්වන බව සහතික වීමට නොහැකියි
තමන් විසින් සිදුකරනු ලබන නියාමනය සහ අධීක්ෂණය, බලපත්‍රලාභී මුදල් සමාගම් ද ඇතුලුව කිසිදු මූල්‍ය ආයතනයක අසාර්ථකවීමක් අනිවාර්යයෙන්ම වළක්වන බව සහතික නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් හරහා මහජනතාව වෙත දැනුම් දී සිටිනවා.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී, කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්, බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්, රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සහ සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී යන බලපත්‍රලාභී මුදල් සමාගම් 8 මේ දක්වා සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවයි.
එසේම එම විධානයන්ට අනුකූල වීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටිනවා.
එසේම තවත් බලපත්‍රලාභී මුදල් සමාගමක් වන නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී, සිය අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතා සපුරා නොමැති බවත්, ආයතනය විසින් මේ දක්වා ප්‍රාග්ධනය වර්ධනය කිරීමේ පිළිගතහැකි සැලැස්මක් ඉදිරිපත් කර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසනවා.
මෙම නිවේදනයෙහි අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවයට අනුකූල නොවන බලපත්‍රලාභී මුදල් සමාගම්වල නාමයන් සඳහන් කර ඇත්තේ එය තැන්පතුකරුවන්ට සැලකිය යුතු අවදානමක් ඇති කරන නිසා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටිනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
gossip lanka News lanka gossip , gossip lanka gossip lanka news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip


