Advertisement

කොළඹ ලොක්ඩවුන් ?

කොළඹ නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන්නේද තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, වසංගත රෝග විද්‍යා අංශය, කොරෝනා මර්දනය කිරීමේ කාර්යය සාධක බලකාය, කොළඹ නගර සභාව එක්ව සාකච්චා කිරීමකින් බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

නමුත් මේ මොහොතේ එවන් වසා දැමීමකට අවශ්‍යතාවක් නැති බව තම පෞද්ගලික අදහස බවද ඒ මහතා සඳහන් කළේය.

ඔක්තොම්බර් මස 4 වැනි දා සිට මේ දක්වා වූ කාලයේ දී කොළඹ නගර සීමාව තුළ කොරෝනා පරීක්ෂණ 2884 සිදුකර ඇති බවත් ඉන් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් හමු වූ බවත් ඒ මහතා පැවසීය.

මේ අගය ප්‍රතිශතයක් ලෙස 0.3% ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු කියා සිටියේය.

දෙරණ රූපවාහිනිය සමග සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලේය.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements