මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේන් මතු වූ කොවිඩ් – 19 පොකුර 1100ට ලඟාවී තිබේ. මේ වනවිට එම පොකුරු 1083 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ මීට සුළු මොහොතකට පෙර බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයෙකු සහ ආශ්‍රිතයන් 13න් දෙනෙකු සමග ආසාදිතයන් 14ක් හමුවීමත් සමගය.
ඒ අනුව අද (09) දින මේ වනවිට පමණක් කොවිඩ් ආසාදිතයින් 30 දෙනෙකු හමුවී තිබේ.
මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1209කි. සමස්ත ආසාදිතයින් ගණන 4518කි.
ජීවිතක්ෂයට පත්වූ ගණන 13කි

