Advertisement

හඳුනා නොගත් කොරෝනා ආසාදිතයන් තව දුරටත් රට තුළ සිටිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
මෙවන් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට හෝ කිහිප දෙනෙකුට ආසාදනය රෝගී පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇතැයිද ඔහු පවසයි. 

එවන් තත්ත්වයක් ඇති වුවොත් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වීමක් ඇතැයි නම් කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

නමුත් මේ දක්වා එය සමාජගත වීමක් යැයි කීමට ප්‍රමාණවත් තරම් සාධක නැතැයි ද ඔහු පැවසීය.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements