Featured News

Video Gossip

Advertisement


කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පන්නල ඇළබඩගම පදිංචි 78 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරුවී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

ආසාදිත කාන්තාවගේ පුතෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන අතර ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහුගෙන් මවට ආසාදනය වන්නට ඇතැයි සැක කෙරේ.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අතරින් මේවනවිට පුද්ගලයන් පස්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වූවන් බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements