Featured News

Video Gossip

Advertisement


වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මුලික රෝහලේ කොටසක් වසා දැමිමට සිදුවූ බව එම රෝහල් බලධාරීන් සඳහන් කර සිටිනවා.

මෙම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු පසුගිය සෙනසුරාදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ගොස් ඇති බවත් ඔහු පසුගිය සඳුදා යළි සේවයට වාර්තා කොට ඇත.

මෙම වෛද්‍යවරයා රෝහලේ සායනික කටයුතු, වාට්ටු රාජකාරි මෙන්ම ශල්‍යාගාරයේ ද සේවය කොට ඇති අතර පෑලියගොඩ මත්ස්‍ය සංකිර්ණයේ ඇතිවූ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් PCR පරීක්ෂණයක් සිදුකොට ගෙන ඇත.

අද දිනයේදී ලද PCR වාර්තාව අනුව ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති නිසා රෝහලේ කොටසක් වසා දැමීමට පියවර ගත් බවයි එම රෝහලේ ප්‍රධානි වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන සඳහන් කළේ.

කෙසේ වුවත් රෝහලේ භාහිර ප්‍රතිකාර ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ කටයුතු ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements