Advertisement

 


ඊයේ (10) දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 කින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය ප්‍රදේශයෙන් 53ක්, වත්තල ප්‍රදේශයෙන් 09ක්, කඩුවෙල ප්‍රදේශයෙන් 06ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 15ක්, කඩවත ප්‍රදේශයෙන් 07ක්, කිරිබත්ගොඩ 03ක්, මොරටුව ප්‍රදේශයෙන් 03ක්, කොටහේන ප්‍රදේශයෙන් 04ක් සහ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වී ඇත.

ඊට අමතරව වාර්තා වූ අසාදිතයින්ගෙන් කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් දෙනෙකු වාර්තා වී ඇත. එයින් කොටහේන ප්‍රදේශයෙන් 07ක්, මුල්ලේරියාව 04ක්, ග්‍රෑන්ඩ්පාස් 04, බ්ලුමැන්ඩල් හා ප්‍රදේශයෙන් දෙහිවලින් එක් ආසාදිතයෙක් බැගින් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ ප්‍රදේශයෙන් 08ක්, වත්තල 02ක්, රාගම 01ක්, මිනුවන්ගොඩ 14ක්, දිවුලපිටිය 05ක් සහ කටුනායක 10ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09ක්, මාතරින් එක් ආසාදිතයෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 14ක්, අනුරාධපුර 02ක් සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් ආසාදිතයින් 24ක් වාර්තා වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements