Featured News

Video Gossip

Advertisement


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කාර්මාන්ත ආයතනයේ සේවය කර (08) දින තම නිවසට පැමිණ සැගවි සිටි සේවිකාවක් සහ ඇයගේ පවුලේ සමජිකයන් රන්ටැඹේ යුධ හමුදා නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ යුධ හමුදා භට පිරිස් (09) දින කටයුතු කරනු ලැබුහ.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලි පදනම මත ලබාගත් නිවසක රැදි සිට ඇති අතර ඇය (08) දින අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහල කොටසේ තම නිවසට පැමිණ ඇත.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ආයතනය සහ යුධ හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලිසිය වෙත ඇය පිලිබදව තොරතුරු ලබා දිමත් සමග නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් ඇයව හදුනාගෙන ඇත.

එම සේවිකාව , ඇගේ සැමියා , එම සේවිකාවගේ මව සහ පියා සහ එම සේවිකාවගේ අවු 10 වයසැති දැරියද නිරොධායන මධ්‍යස්ථානය කරා යොමු කෙරිණ.

එම සේවිකාවගේ නිවසට යාබදව පිහිටි වතු නිවාස 13 කට අයත් සමාජිකයන් 69 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කිරිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් (08) දින කටයුතු කරනු ලැබුහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements